Posts

Showing posts from August, 2020

බබාට හිතකර Play-Doh ගෙදරදීම හදමු

Image
  Play-Doh කිව්ව ගමන් හිතුවෙ හරි අමාරු ගොඩක් වෙලා යන වැඩක් කියලා නේද? ඇත්තටම එහෙම නැහැ. ලේසියෙන්ම හොයාගන්න පුළුවන් දේවල් තුනකින් විනාඩි කිහිපයකින් මේක හදාගන්න පුළුවන්. පහතින් විස්තර කරලා තියෙන විදියට හදාගන්න.  අවශ්‍ය ද්‍රව්‍ය කෝන් පිටි කෝප්ප 1/2යි බේකින් සෝඩා කෝප්ප 1 යි වතුර කෝප්ප 3/4 යි කැමති නම් විතරක් එකතු කරගන්න ආහාර සුවඳ කාරක බින්දු 2-3ක් කැමති වර්ණයකින් ආහාර වර්ණක බින්දු 4-5ක් සාදාගන්නා ආකාරය මුලින්ම කුඩා භාජනයකට කෝන් පිටි, බේකින් සෝඩා සහ වතුර එකතු කර හොඳින් මිශ්‍ර කර ගන්න.  දැන් මේ මිශ්‍රණය ලිපේ තියලා මධ්‍යම උෂ්ණත්වයේ ටික වෙලාවක් රත් කර ගන්න. චායාරූපයේ පෙන්නල තියෙන විදියට මිශ්‍රණය බුබුළු දමන්නට පටන් ගන්න විට ලිපෙන් බාගන්න.  මිශ්‍රණය තව දුරටත් රත් වෙන එක වලක්වන්න එය ඇලුමිනියම් ෆොයිල් එකක් හෝ තෙල් කඩදාසියක් මතට දමා ඉක්මනින් නිවෙන විදියට හොදින් අතුරගන්න.  මිශ්‍රණය හොදින් නිවුණ පසු බබාට කැමති විදිහට ඕනම හැඩයකට හදාගන්න දෙන්න පුළුවන්. විවිධ වර්ණ වලින් හදාගන්න ඕන නම් කැමති ආහාර වර්ණක භාවිතා කරන්න පුලුවන්.  අපි මේකට සැර රසායනික ද්‍රව්‍ය එකතු කලේ නැති නිසා බබ...

Simple paper butterfly collage

Image
Simple paper butterfly collage Can be done easily with your kids. 😊 Only simple shapes such as circles of different sizes needed.  Below is the list of tools and sizes of main shapes needed. You can use color papers, newspapers or magazines to get different colors. 

බබාට ටයිල් වල අදින්න පාට ගෙදරදීම හදමු

Image
ටයිල් වල, බිත්ති වල අදින්න ආස බබෙක් ඔයාලගේ ගෙදරත් ඉන්නවද? මේ පාට ගෙදරදීම හදල දෙන්න. බය වෙන්න එපා, පිරිසිදු කරන්න හරිම ලේසියි.  අවශ්‍ය ද්‍රව්‍ය  අයිස් හදන්න ගන්න ට්‍රේ එකක්  එලවලු තෙල් හෝ පොල් තෙල් ටිකක්  සුදු පාට සබන් කෑල්ලක්  ග්‍රේටර් එක ආහාර වර්ණකාරක ටිකක්  උණු වතුර ටිකක්  හදාගන්න ආකාරය   මුලින්ම ග්‍රේටර් එක උපයෝගී කරගෙන සබන් කෑල්ල සිහින්ව ගා ගන්න.  දැන් මේකට කැමති වර්ණයකින් වර්ණ කාරක බින්දු 10ක් 15ක්  විතර සහ උණු වතුර මේස හැදි දෙකක් විතර එකතු කරගන්න. ටිකක් ඝණකම ගුලියක් වගේ හැදෙනකන් හොදට මිශ්‍ර කරගන්න. අවශ්‍යනම් තව වතුර ටිකක් එකතු කරගන්න.  දැන් අයිස් ට්‍රේ එකේ තෙල් ටිකක් ගා ගෙන මේ මිශ්‍රණය අයිස් ට්‍රේ එකේ කුඩා කොටස් වලට පුරවා හොදින් තද කරගන්න.   දැන් මේ මිශ්‍රණය සහිත ට්‍රේ එක විනාඩි 30ක් පමණ අධිශීතකරණයේ තබා ගන්න.  විනාඩි 30කට පසු ට්‍රේ එක පිටතට ගෙන කැබලි වෙන් කර දිනක් හෝ දෙකක් හොදින් වියලා ගන්න.  දැන් මේ පාට බය නැතුව බබාට දෙන්න පුළුවන්. සබන් වලින් හදල තියෙන නිසා පිරිසිදු කරන්න හරිම ලේසියි.  ආහාර වර්ණ ...