බබාට හිතකර Play-Doh ගෙදරදීම හදමු

 

Play-Doh කිව්ව ගමන් හිතුවෙ හරි අමාරු ගොඩක් වෙලා යන වැඩක් කියලා නේද? ඇත්තටම එහෙම නැහැ. ලේසියෙන්ම හොයාගන්න පුළුවන් දේවල් තුනකින් විනාඩි කිහිපයකින් මේක හදාගන්න පුළුවන්. පහතින් විස්තර කරලා තියෙන විදියට හදාගන්න. 

අවශ්‍ය ද්‍රව්‍ය

කෝන් පිටි කෝප්ප 1/2යි

බේකින් සෝඩා කෝප්ප 1 යි

වතුර කෝප්ප 3/4 යි

කැමති නම් විතරක් එකතු කරගන්න

ආහාර සුවඳ කාරක බින්දු 2-3ක්

කැමති වර්ණයකින් ආහාර වර්ණක බින්දු 4-5ක්


සාදාගන්නා ආකාරය

මුලින්ම කුඩා භාජනයකට කෝන් පිටි, බේකින් සෝඩා සහ වතුර එකතු කර හොඳින් මිශ්‍ර කර ගන්න. 


දැන් මේ මිශ්‍රණය ලිපේ තියලා මධ්‍යම උෂ්ණත්වයේ ටික වෙලාවක් රත් කර ගන්න. චායාරූපයේ පෙන්නල තියෙන විදියට මිශ්‍රණය බුබුළු දමන්නට පටන් ගන්න විට ලිපෙන් බාගන්න. 


මිශ්‍රණය තව දුරටත් රත් වෙන එක වලක්වන්න එය ඇලුමිනියම් ෆොයිල් එකක් හෝ තෙල් කඩදාසියක් මතට දමා ඉක්මනින් නිවෙන විදියට හොදින් අතුරගන්න. 


මිශ්‍රණය හොදින් නිවුණ පසු බබාට කැමති විදිහට ඕනම හැඩයකට හදාගන්න දෙන්න පුළුවන්. විවිධ වර්ණ වලින් හදාගන්න ඕන නම් කැමති ආහාර වර්ණක භාවිතා කරන්න පුලුවන්. 

අපි මේකට සැර රසායනික ද්‍රව්‍ය එකතු කලේ නැති නිසා බබාට දෙන්න බයවෙන්න ඕනත් නැහැ. ඔයාලත් ගෙදර හදලා බලන්න. බබා ගොඩක් සතුටු වෙයි. 


Comments

Popular posts from this blog

බබාගේ උපන්දින සාදය සැලසුම් කරමු

පොඩ්ඩගේ උපන් දිනේට කරන්න දේවල් 6ක්

දරුවා නිදාගන්න රටාව පවත්වා ගන්න සරල උපදෙස් ටිකක්