බබාට ටයිල් වල අදින්න පාට ගෙදරදීම හදමු


ටයිල් වල, බිත්ති වල අදින්න ආස බබෙක් ඔයාලගේ ගෙදරත් ඉන්නවද? මේ පාට ගෙදරදීම හදල දෙන්න. බය වෙන්න එපා, පිරිසිදු කරන්න හරිම ලේසියි. 


අවශ්‍ය ද්‍රව්‍ය 

  • අයිස් හදන්න ගන්න ට්‍රේ එකක් 

  • එලවලු තෙල් හෝ පොල් තෙල් ටිකක් 

  • සුදු පාට සබන් කෑල්ලක් 

  • ග්‍රේටර් එක

  • ආහාර වර්ණකාරක ටිකක් 

  • උණු වතුර ටිකක් 


හදාගන්න ආකාරය 


 මුලින්ම ග්‍රේටර් එක උපයෝගී කරගෙන සබන් කෑල්ල සිහින්ව ගා ගන්න. 

දැන් මේකට කැමති වර්ණයකින් වර්ණ කාරක බින්දු 10ක් 15ක්  විතර සහ උණු වතුර මේස හැදි දෙකක් විතර එකතු කරගන්න. ටිකක් ඝණකම ගුලියක් වගේ හැදෙනකන් හොදට මිශ්‍ර කරගන්න. අවශ්‍යනම් තව වතුර ටිකක් එකතු කරගන්න. 


දැන් අයිස් ට්‍රේ එකේ තෙල් ටිකක් ගා ගෙන මේ මිශ්‍රණය අයිස් ට්‍රේ එකේ කුඩා කොටස් වලට පුරවා හොදින් තද කරගන්න.  


දැන් මේ මිශ්‍රණය සහිත ට්‍රේ එක විනාඩි 30ක් පමණ අධිශීතකරණයේ තබා ගන්න. 


විනාඩි 30කට පසු ට්‍රේ එක පිටතට ගෙන කැබලි වෙන් කර දිනක් හෝ දෙකක් හොදින් වියලා ගන්න. 


දැන් මේ පාට බය නැතුව බබාට දෙන්න පුළුවන්. සබන් වලින් හදල තියෙන නිසා පිරිසිදු කරන්න හරිම ලේසියි. 


ආහාර වර්ණ කාරක භාවිතා කරපු නිසා බබාට අහිතකර වෙන්නෙත් නෑ. 


විවිධ වර්ණ භාවිතා කරලා විවිධ වර්ණ වල පාට කැබලි හදාගන්න පුළුවන් වගේම විවිධ වර්ණ මිශ්‍ර කරලා අලුත්ම පාට හදාගන්නත් පුළුවන්. 


මේ වගේ ඔයාගේ බබාව සතුටු කරන්න පුළුවන් හරි සරල දේවල් හැමදාම කියවන්න අපේ page එකටත් like කරන්න කියලා ආරාධනා කරනවා ❤


Comments

Popular posts from this blog

බබාගේ උපන්දින සාදය සැලසුම් කරමු

පොඩ්ඩගේ උපන් දිනේට කරන්න දේවල් 6ක්

දරුවා නිදාගන්න රටාව පවත්වා ගන්න සරල උපදෙස් ටිකක්