බබාගේ උපන්දින සාදය සැලසුම් කරමු
ඔයාගේ සිඟිත්තාගේ උපන්දිනය දවස සුවිශේෂී එකක් කරන්න සහ පවුලේ බැදීම තවත් ශක්තිමත් කරන්න අපිට කරන්න පුළුවන් දේවල් අපි පහුගිය ලිපියෙන් සාකච්ඡා කරලා තියෙනවා. උපන්දිනය දවසේ කරන්න පුළුවන් තවත් දෙයක් තමයි උපන්දින සාදයක් පවත්වන එක. කුඩා දරුවෙක්ගේ උපන්දින උත්සවයක් සූදානම් කරනකොට හිතන්න ඕන ප්‍රධානම දේ තමයි දරුවාගේ සතුට. දරුවා වෙහෙසට පත් නොවන විදියට හරිම සරල උපන්දින සාදයක් ගෙදරදීම සැලසුම් කරද්දී සලකා බලන්න ඕන දේවල් ටිකක් තමයි මේ ලිපියෙන් කතා කරන්න යන්නෙ. මේ වගේ සරල විදියට උපන්දින සාදයක් පවත්වන එකේ තවත් වාසියක් තමයි උපන්දින සාදයේ සංවිධාන කටයුතු වලට පොඩ්ඩගෙන් වැඩි දායකත්වයක් ලබා ගන්න පුළුවන් වෙන එක. ☆ ආරාධනා පත් ආරාධනා කරන්නේ කීහිප දෙනෙකුට විතරක්නම් ආරාධනා පත් වැඩි ගානක් හදන්න ඕන වෙන්නේ නැහැ. ඒක නිසා ගෙදරදීම පොඩ්ඩගෙන් උදව්වෙන් ඒ ටික හදාගන්න පුළුවන්. එයාගෙ අතින්ම ඇදපු සරල චිත්‍රයක් ඒකට එකතු කරන්න පුළුවන්. තීන්ත වලින් තියාගත්ත දරුවගේ අත් සටහනකුත් හොද අදහසක්. 🖐 ☆ කාල පරාසය ගොඩක් කුඩා දරුවෙක් නම් ඉක්මනට වෙහෙසට පත් වෙන නිසා පැය එක හමාරක් දෙකක් වගේ ටිකක් කෙටි වෙලාවකට සැලසුම් කරන්න. දරුව...